Gossips

මහනුවර පරීක්ෂණ අලුත් පැත්තකට

මහනුවර ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ ගැටුම්කාරී සිදුවීම්වලට සම්බන්ධ වූ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා සී.සී.ටී.වී. දර්ශන පිරීක්සීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
දැනටමත් එලෙස දර්ශන පිරික්සීමෙන් ඇතැම් පුද්ගලයින් හඳුනාගෙන ඇති බවයි පොලිසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
එම සී.සී.ටී.වී දර්ශන පිරික්සීම සඳහා පොලීසිය විශේෂ කණ්ඩායමක් ද යොදවා තිබෙනවා.
ව්‍යාපාරික ස්ථාන සහ නිවාසවලට හානි කිරීමෙන් පසු ඇතැම් පුද්ගලයින් එහි තිබූ භාණ්ඩ කොල්ල කා ඇති බවට ද තොරතරු ලැබී ඇති බැවින් ඒවා සම්බන්ධයෙන් ද පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මේ අතර, ගැටුම්කාරී සිද්ධීන් වලින් පසු හානි සිදුවූ දේපළ සඳහා කඩිනමින් වන්දි ගෙවීමට ද ඊයේ (12) පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා.
තම දේපළ හානිවීම් පිළිබදව පොලීසියට පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, තවමත් එම පැමිණිලි ඉදිරිපත් කර නොමැති නම් හැකි ඉක්මනින් ඒවා ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත වාර්තා කරන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.