Gossips

අලස කමින් වැනසෙන සකුරා පාලම

පල්ලෙකැලේ සහ විල්ගමුව භූ විද්‍යා හා පතල් කැනීමේ කාර්යංශයේ නිලධාරීන්ගේ අලස ක්‍රියාකාරීත්වය හේතුවෙන් විල්ගමුව සකුරා පාලම අවට ප්‍රදේශය වැලි ජාවාරම්කරුවන්ට රජ දහනක්ව පවතිනවා.
මහවැලි ගඟ දෙපස සුන්දර පරිසරය සුනු විසුණු කරමින් වැලි ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වී ඇත්තේ සකුරා පාලම ද අවදානමට හෙළමින්.
හිරු සී.අයි.ඒ. ඔස්සේ ඊයේ අප අනාවරණ කළේ විල්ගමුව සකුරා පාලම ද අවදානමක හෙළමින් නීති විරෝධීව සිදු කරන වැලි කැනීම් පිළිබඳවයි.
ගං ඉවුර කපා දමමින්,ඉවුරේ සිටම වැලි හැලීමට ලක්කරමින් වැලි රැගෙන යන අයුරු හිරු සී.අයි.ඒ. රහසිගත කැමරාවේ මෙලෙස සටහන් වුණා.