Gossips

ජනපති මෛත්‍රී හෙට ජපානයේ රජු සමඟ සාකච්ඡා

පස්දින නිළ සංචාරයක් සඳහා ජපානයට ළඟා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙට දිනයේදී එරට රජු වන අකිහිතෝ අධිරාජ්‍යා සහ මිචිකෝ රැජින බැහැ දැකීමට නියමිතව තිබෙනවා.
අද පෙරවරුවේ ටෝකියෝ නුවර නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ජපානය වෙත ළඟා වූ ජනාධිපතිවරයා ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ එරට රජයේ විශේෂ නියෝජිත පිරිසක් විසින්.
ඉන්දියාවේ පැවැත්වුණු ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක සමුළුවට සහභාගි වීමෙන් අනතුරුවයි ජනාධිපතිවරයා ජපානය වෙත පැමිණියේ.
ජනාධිපතිවරයා නිළ වශයෙන් පිළි ගැනීමේ උත්සවය අනිද්දා එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙන අතර, අනතුරුව ජනාධිපතිවරයා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අතර ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වෙනු ඇති.