Gossips

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පාසල් සිසුවා රිමාන්ඩ්

ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවෙකු ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ හමුවට අද (13) එම සිසුවා ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුවා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කිරීම සම්බන්ධයෙන්.
මීට පෙර ද මේ සම්බන්ධයෙන් පාසල් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාකොළ තරුණ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙසටයි අධිකරණය නියෝග කළේ.