Gossips

නිදහස් කුසලාන විස්සයි විස්ස පෙරමුණට ශ්‍රී ලංකාව

නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ තරඟ තුනක් අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
ඉන්දියාව සහ බංග්ලාදේශය පිළිිවෙලින් දෙවන හා තුන්වන ස්ථානයේ පසුවන අතර කණ්ඩායම් තුනම එක් තරගය බැගින් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 2 බැගින් ලබා ගෙන සිටිනවා.
අද පස්වරු 07 ට ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ අවසන් තරගයට පිවිසිමට ඇත්තේ වැඩි අවස්ථාවක්.
යම් හෙයකින් ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ අද තරගය පරාජයට පත්වුවහොත් අවසන් තරගයට පිවිසිම සදහා බංග්ලාදේශය සමග පැවත්වෙන මිලඟ තරගය ජයගත යුතු වනවා.
බංග්ලාදේශයට එරෙහිව ඉන්දිය කණ්ඩායම මිලග තරගය ජයගතහොත් තරගාවලියේ තරග 03ක් ජයගනිමින් අවසන් තරගයට පිවිසිමට ඉන්දිය කණ්ඩායමට හැකිවන්නේ ශ්‍රී ලංකාවටද අවසන් තරගයට පිවිසිමේ අවස්ථාව ලබා දෙමින්.
යම් හෙයකින් බංග්ලාදේශය හමුවේ ඉන්දිය කණ්ඩායම මිලග තරගය පරාජයට පත්වන්නේ නම් ප්‍රසාද ලකුණු සම වන හෙයින් දළ ලකුණු වේගය අනුව අවසන් තරගයට පිවිසෙන කණ්ඩායම තීරණය කරනු ඇති.