අකිලට එරෙහි අල්ලස් පැමිණිල්ලේ විමර්ශන අරඹති
වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහිව ලංකා ගුරුසේවා සංගමය විසින් ගොණු කළ පැමිණිල්ලක විමර්ශන කටයතු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂනි සභාව විසින් අද (12) ආරම්භ කර තිබේ.
ඒ අනුව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් එහි පැමිණිලි පාර්ශවයේ ප්‍රකාශය ලබාදීම අද දින එම කොමිෂමේදී සිදු කර ඇත.
2016 මාර්තු මස 01 දින දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාල වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇති අතර එම කාර්යාලය මගින් සිදු කළ මූලික විමර්ශනවලින් පසු එය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නීති විරෝධී ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටි සංග්‍රහයත්, ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි උල්ලංඝණය කරමින්, විධිමත් ප්රරිදි සම්මුඛ පරීක්ෂණ නොකැඳවා ප්‍රාථමික ශිල්පීය නොවන සේවක ගණයේ iiiවන ශ්‍රේණියේ පාසැල් කම්කරු තනතුරකට පත්වීම් ලැබ සේවය කරමින් සිටි අය සඳහා ප්‍රාථමික ශිල්පීය නොවන iiiවන ශ්‍රේණියේ රසායනාගාර සේවක තනතුරකට පත්වීම් ලබාදී එම පත්වීම් පෙරදාතමින් නම් කර ඇති බවත්, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය අවිධිමත් ලෙස පත්කර ඇති බවත්, එමගින් මූල්‍ය විෂමාචාරයක් සිදු කර ඇති බවත් එම පැමිණිලේල් සඳහන් කර ඇත.
මෙම ප්‍රකාශය ලබාදීමේ අවස්ථාවට ලංකා ගුරුසේවා සංගමයේ ධම්මික අලහප්පෙරුම මහතාද එක්වි සිටියහ.