Gossips

බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ තරුණයෙක් අත්අඩංගුවට

බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනා මත 24 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
බාලවයස්කාර දැරියගේ මව විදේශගතවී සිටින බැවින් ඇය සිය මිත්තණිය භාරයේයි හැදි වැඩී ඇත්තේ.
දැරිය අතුරුදන්ව ඇති බවට මිත්තණිය පසුගිය වසරේ අප්‍රේල් මස 27 වනදා කටුවන පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ වන විට 14 හැවිරිදි වියෙහි පසුවූ දැරිය සැකකාර තරුණයා සමග ඇතිකර ගත් ප්‍රේම සම්බන්ධතාවක් මත පාසල්යාම අත්හැර තරුණයා සමග අතුරුගිරිය ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් ඇතැයි සඳහන්.
එම නිවසේ ඔවුන් දෙදෙනා වසරකට ආසන්න කාලයක් ජීවත්ව ඇති අතර ඊයේ ඔවුන් මිත්තණියගේ සුවදුක් විමසීම සඳහා කටුවන ප්‍රදේශයට පැමිණ තිබෙනවා.
දැරියගේ අතුරුදන්වීම පිළිබඳ කටුවන පොලිසිය නිරන්තරයෙන් මිත්තණියගේ නිවසට පැමිණ පරීක්ෂණ සිදු කිරීම හේතුවෙන් ඊයේ මිත්තණිය ඔවුන්ගේ පැමිණිම පිළිබඳ පොලිසිය දැනුවත් කර තිබෙනවා.
ඒ අනුවයි සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර තරුණයා අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.