Gossips

නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට

වේයන්ගොඩ, මගලේගොඩ දුම්රිය ස්ථානයේදී කොළඹ සිට නුවර බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (12) උදෑසන මෙම අනතුර සිදු වූ බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ක පමණ පුද්ගලයෙකු බවයි පොලිසිය කියා සිටියේ.
කෙසේ වෙතත් මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නැහැ.
ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සදහා වේයන්ගොඩ පොලිසිය මහජන සහය අපේක්ෂා කරන බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය පරික්ෂණ සිදුකරනවා.