Gossips

පැය 9 ක් ජලය අත්හිටුවයි

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිය අවට ප්‍රදේශවලට හෙට (13) පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.
මේ අනුව හෙට (13) පෙරවරු 9 සිට මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කැළණිය, වත්තල, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට සහ පෑලියගොඩ, වත්තල, නගර සභා බල ප්‍රදේශවලටයි.
එමෙන්ම බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ගෝනවල, මගුල්විල, විජේරාම මාර්ගවලට සහ බොල්ලෑගල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති බවයි ජාතික ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.