Gossips

කාර් රථයක් කඩුගන්නාවේදී අනතුරකට ලක්වෙයි

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේදි කාර් රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් සිදුව තිබෙනවා,
අද (12) උදෑසන සිදුවූ මෙම අනතුරින් කිසිවෙකුටත් හානියක සිදුවී නොමැති බවයි පොලිසිය පැවසුවේ.
අවිස්සාවෙල්ල සිට නුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පහල කඩුගන්නාව ප්‍රදේශයේදි පානදුර සිට නුවර බලා ගමන් කරමින් තිබු පෞද්ගලික බස් රථයක් ඉස්සර කිරිමට යෑමෙදියි මෙලෙස නුවර සිට පැමිණි කාර් රථයේ ගැටි ඇත්තේ.
එම අනතුරෙන් කාර් රථයට දැඩි හානි සිදු වි ඇති බව පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.