Gossips

නිදහස් කුසලානයේ ශ්‍රී ලංකා – ඉන්දියා තරඟය අද

නිදහස් කුසලාන පන්දු වාර විස්ස තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර දෙවන තරගය අද පස්වරු 7 ට ආරම්භ වීමට නියමිතයි.
අද සහ ලබන 16 වනදා පැවැත්වෙන තරග 2 ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට අහිමිවන අතර, එම තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා පත් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ තීරණය කළේ.
බංග්ලාදේශය සමඟ පෙරේදා පැවැති තරඟයේ මන්දගාමී පන්දු යැවීම හේතුවෙනුයි චන්දිමාල්ට මෙම තහනම පනවා ඇත්තේ.
මන්දගාමී පන්දු යැවීමේ විලාසය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ තරග මුදලින් සියයට 60 ක දඩයක්ද පනවා තිබෙනවා.
එමෙන්ම නියමිත කාලය ඇතුළතදී යැවිය යුතු පන්දු වාර විස්සෙන් එකක් අඩුව යැවීම හේතුවෙන් බංග්ලාදේශ නායක මහමුදුල්ලා රියාද්ට තරග මුදලින් සියයට 20 ක දඩයක් සහ අනෙකුත් ක්‍රීඩකයින්ට සියයට 10 ක දඩ මුදලක්ද නියම කර ඇති බවයි වාර්තාවන්නේ.