Gossips

චන්දිමාල්ට නිදහස් කුසලානයේ ඉදිරි තරඟ 02ක අහිමිවී යයි

නිදහස් කුසලාන පන්දුවාර 20 තරඟාවලියේ ඉදිරි තරඟ දෙකක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට අහිමිවී යනවා.
ඊයේ (10) බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති තරඟය අතර අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් ඔහුට මෙම තරඟ 02ක අහිමිවී යන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඉදිරි තරඟ දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තිසර පෙරේරාට හිමිවෙනවා.