Gossips

පානදුරදී ජනතා විරෝධයක්

වයස අවුරුදු 08 දැරියක අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකුට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප ලබාදීමට එරෙහිව ප්‍රදේශයේ ජනතාව මොරොන්තුඩුව පොලිසිය ඉදිරිපිට අද (11) විරෝධතාවක නිරත වුණා.
විරෝධතාකරුවන් මෙහිදී ප්‍රකාශ කළේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කර, වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා පොලිසිය ඉදිරිපත් විය යුතු බවයි.
වාද්දුව – දෙල්දුව ප්‍රදේශයේ පදිංචි 08 හැවිරිදි දැරියක, අපයෝජනයට ලක් කළ සැකකරුවෙකු මොරොන්තුඩුව පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 06 වන දායි.
ඊට පසුදින මොහුව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප නියම වී තිබෙනවා.
කෙසේ වෙතත්, සාධාරණය ඉටු කරන බවට පොලිසිය පොරොන්දු වීමත් සමග විරෝධතාකරුවන් විසිරි ගිය බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.