Politics Sri Lanka

කෙහෙළියගේ පුතාට පොලිස් ඇප

කෙහෙළියගේ පුතාට පොලිස් ඇප

නාවල නාරාහේන්පිටදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු රිය අනතුරකට ලක්කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල රුපියල් 10,000 ක ඇප බැදුම්කරයක් මත නාරාහේන්පිට පොලීසිය විසින් මුදා හැර ඇත. එමෙන්ම අඟහරුවාදා (13) කොළඹ රථවාහන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද පොලිසිය සැකකරුට දන්වා ඇත.