Politics Sri Lanka

වවුනියාවේ බිළිඳා සොරා ගත් කත අනුරාධපුරයේදී අත්ඩංගුවට

වවුනියාවේ බිළිඳා සොරා ගත් කත අනුරාධපුරයේදී අත්ඩංගුවට

වවුනියාව මහරෝහලේ ප්‍රසව ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මවකට උපන් දින දෙකක් වයසැති බිළිදෙකු ‍සොරාගත් කාන්තාවක් අනුරාධපුර රෝහලේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.

පසුගිය 7 වැනිදා වවුනියාව බෝගස්වැව, 5 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එම්.එම්.කල්‍යණි මානගේ නමැති මවට උපන් පිරිමි දරුවෙකු පසුගිය 09 වැනි දා සොරාගෙන ගිය කාන්තාවක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.