Gossips

ජනපති, ඉන්දීය අගමැති මෝදි හමුවෙයි

ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙල ඉන්දියාවේ නවදිල්ලි නුවරදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මෙම සමාරම්භක උළෙල සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස එක්ව සිටිනවා.
මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පිළිගනු ලැබුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්.
මෙම අවස්ථාවට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ඇතුලූ රටවල් රැසක නායකයින් මෙන්ම නියෝජිතයින් 500 දෙනෙකු පමණ එක්ව සිටින බවයි වාර්තාවන්නේ.