Gossips

කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පේදුරුතුඩුව – කුඩත්තනේ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී කේරළ ගංජා තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කන්කසන්තුරේ කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරීන් සිදුකළ වැටලීමකදියි.
රුපියල් ලක්ෂ 4 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකරු 33 හැවිරිදි පලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අද පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.