Gossips

ඇමරිකාව, චීනය සමඟ ආර්ථික යුද්ධයකට එළඹුණහොත් ලෝක ආර්ථිකයට බලපෑමක් සිදුවන බවට අනතුරු ඇඟවීමක්

ඇමරිකාව, චීනය සමග ආර්ථිකමය යුද්ධයකට එළඹුණහොත් එය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව චීන ආර්ථික කටයුතු අමාත්‍ය ෂොන්ග් ෂෑං පවසනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ පසුගිය සතියේ ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ආනයනික වානේ සහ ඇළුමිනියම් සඳහා සියයට 25 ක සහ සියයට 10 ක බද්දක් පැනවීමට තීරණය කිරීමෙන් පසුවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ චීන ආර්ථික කටයුතු අමාත්‍යවරයා පවසා ඇත්තේ චීනය ඕනෑම අභියෝගයකට මුහුණදීමට ශක්තිමත් බවයි.
කෙසේ වෙතත් මෙලෙස ආර්ථිකය වශයෙන් ගැටුම් ඇති කිරීමෙන් කිසිදු පාර්ශවයකට ජයග්‍රහණයක් අත් නොවන බවත්, ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.