Gossips

ආහාර විෂ වීමකින් 98 ක් රෝහලට

යාපනය මලෙන්චිමුනෙයි ප්‍රදේශයේදී ආහාර විෂ වීමක් හේතුවෙන් 98 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.
ඊයේ ප්‍රදේශයේ දේවස්ථානයක පැවති උත්සවයකදී ලබාදුන් ආහාර ගැනීමෙන් මෙම පිරිස රෝගී වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
රෝගීවුවන් අතර වැඩිහිටියන් 53 දෙනෙකු සහ ළමුන් 45 දෙනෙකු වන බව සඳහන්.
වමනය සහ බඩේ වේදනාව ඇතුලු රෝගී තත්වයන්ගෙන් ඔවුන් පෙළෙන බවයි වාර්තා වන්නේ.
මෙම පිරිස කයිට්ස් රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.