Gossips

මාතර – කතරගම නව දුම්රිය මාර්ගයේ කම්බි සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

අලූතින් ඉදිකෙරෙන මාතර – කතරගම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා ගෙනවිත් තිබූ කම්බි තොගයක් සොරකම් කළ පුද්ගලයෙකු දික්වැල්ල පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම දුම්රිය මාර්ගයේ ඉදිවෙමින් පවතින රත්මලේ දුම්රිය ස්ථානය ආසන්නයේ තිබූ කම්බි තොගයක් මෙලෙස සොරකම් කර ඇති අතර, එහි වටිනාකම රුපියල් හාරලක්ෂ 77,680 ක් පමණ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු රත්මලේ ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, අද ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.