Politics Sri Lanka

ජවිපෙ නායකයා ඇතුළු නියෝජිත පිරිසක් මහනුවරට

ජවිපෙ නායකයා ඇතුළු නියෝජිත පිරිසක් මහනුවරට

පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇතිවු සිද්ධීන් පිලිබදව සොයා බැලීම සදහා ජවිපෙ නායක අනුර දිසානායක මහතා සමග ජවිපෙ නියෝජිත පිරිසක් එම ගැටුම් පැවති ප්‍රදේශවල ඊයේ(10) සංචාරයක නිරතවිය. දිගන ,තෙල්දෙනිය , අකුරණ , පුජාපිටිය, හා නුගවෙල හතරෙ කණුව ප්‍රදේශ වලට ගොස් පීඩාවටපත් ජනතාව හමුවී ඔවුන් සමග සාකච්ඡා කරනලදි.

විශේෂයෙන්ම මෙහිදී ජවිපෙ නියෝජිත පිරිස මෙම කෝළහල වලට පාදකවු ප්‍රහාරයට ලක්වී මියගිය කුමාරසිංහ මහතාගේ නිවසට ගොස් ඔහුගේ පවුලේ ඥාතීන් හමුවිය.මෙම අවස්ථාවට එම ප්‍රදේශයේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේද වැඩමකළ අතර එහිදී ඇතිවු සිද්ධිය සම්බන්දයෙන් දීර්ඝලෙස සාකච්ඡා කරනලදි. තවද පසුගියදා ඇතිවු ප්‍රහාර හේතුවෙන් මියගිය අබ්දුල් බාසිත් නම් තරුණයාගේ නිවසටගොස් ඔහුගේ දෙමාපියන් හමුවීමද මෙහිදී සිදුවිය.

මීට අමතරව දිගන , තෙල්දෙනිය හා අකුරණ යන ප්‍රදේශවල මුස්ලිම් පල්ලි වලට සිදුවු පුහාරයන් පිලිබදව මෙහිදී නිරීක්ෂණය කරණ ලදි. අකුරණ ප්‍රධාන මුස්ලිම් පල්ලියේදී එහි මව්ලවිතුමන් සමග විශේෂ සාකච්ඡාවක්ද සිදුකරණලදි. තවද අකුරණ ප්‍රදේශයේ ප්‍රහාරයකටලක්වු බව කියන බෞද්ධ විහාරස්ථානයකටද ගොස් සිදුවු තත්වය පරීක්ෂා කරනලදි.

මෙම අවස්ථාවට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හදුන්නෙත්ති මහතා , වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙන්ම ජවිපෙ මහනුවර දිස්ත්‍රික් නායක ගයාන් ජානක මහතාද එක්විය.