Gossips

රිය අනතුරකින් පොලිසියේ දෙදෙනෙකුට සහ ජිප් රථයකට හානි

වරකාපොල පොලීසිය ඉදිරිපිටදී සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අරලගංවිල සිට පැමිණි වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් එහි රියදුරුට නින්දයාම නිසා වරකාපොල පොලීසිය ඉදිරිපිට නවතා තිබූ පොලිස් ජිප් රථයක ද ගැටී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රියේයි.
අනතුරින් තුවාල ලැබු පොලිස් නිලධාරින් දෙදෙනා කෑගල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබන අතර, ජිප් රථයට දැඩි හානි සිදුව තිබෙනවා.