Gossips

මහනුවර ඇඳිරි නීතිය නැහැ

මහනුවර ප්‍රදේශයට අද දිනයේ ඇඳිරි නීතිය නොපැනවෙන බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියාසිටියේ පවතින ආරක්ෂක තත්වය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි.
මහනුවර ප්‍රදේශය තුල මේ වන විට සම්පුර්ණයෙන් සාමාකාමී වාතරවණයක් ගොඩනැගී ඇතැයි ද ඔහු සඳහන් කළා.
මේ අතර මහනුවර ප්‍රදේශයේ සිදුවු සාපරාධී ක්‍රියාවන් පිළිබඳ විමර්ශන කටයුතු පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් සිදුකරමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියාසිටියේ.
මේ අතර අම්පාර සහ මහනුවර ප්‍රදේශ කේන්ද‍්‍ර කර ගනිමින් සිදුකළ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් සහ කණ්ඩායම් පිළිබඳ තොරතුරු ලබාගැනීමට පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.
මෙම මෙහෙයුම් මැදිරිය මගින් ලබාගන්නා තොරතුරු විශ්ලේෂණය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අංශ වෙත යොමුකරන බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් සහ කණ්ඩායම් පිළිබඳ තොරතුරු 011 3024892 හෝ 011 3024883 අංකව ඔස්සේ ලබාදිය හැකියි.
ඊට අමතරව [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් ද තොරතුරු යොමුකළ හැකි බවයි පොලිසිය කියාසිටියේ.