Gossips

ෆේස්බුක්, වට්ස්ඇප් තවදුරටත් අවහිරයි

තාවකාලිකව අවහිර කර තිබූ ෆේස් බුක්, වට්ස්ඇප් ඇතුලු සමාජ මාධ්‍ය වෙත තවමත් පිවිසීමට හැකියාවක් නැහැ.
ලබන සඳුදා පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව මෙම අවහිරතාව ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.
කෙසේ වෙතත්, අවහිර කර තිබූ සමාජ මාධ්‍ය ජාල අද දිනය වන විට යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
පසුගිය දා මහනුවර ඇති වූ කලහකාරී සිදුවීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන ජාතිවාදී ප්‍රචාරයන් වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ෆේස්බුක්, වයිබර්, ඉමෝ සහ වට්ස්ඇප් ඇතුළු සමාජ ජාලවලට පිවිසීම පසුගිය බදාදා සිට තාවකාලිකව අවහිර කරනු ලැබුවා.