Gossips

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීමට විශේෂ මෙහෙයුම් මැදිරියක්

අම්පාර සහ මහනුවර ප්‍රදේශ කේන්ද‍්‍ර කර ගනිමින් සිදුකළ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් සහ කණ්ඩායම් පිළිබඳ තොරතුරු ලබාගැනීමට පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.
මෙම මෙහෙයුම් මැදිරිය මගින් ලබාගන්නා තොරතුරු විශ්ලේෂණය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අංශ වෙත යොමුකරන බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් සහ කණ්ඩායම් පිළිබඳ තොරතුරු 011 3024892 හෝ 011 3024883 අංකව ඔස්සේ ලබාදිය හැකියි.
ඊට අමතරව [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් ද තොරතුරු යොමුකළ හැකි බවයි පොලිසිය කියාසිටියේ.