Gossips

වාරියපොළ පාදෙනියේදී මෝටර් රථයක් ගිනි ගනී

වාරියපොළ – පාදෙනිය – අනුරාධපුර මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් අද (10) අලූයම රියදුරුට පාලනය කර ගත නොහැකිව ඉන් ඉවතට පැන ගසක ගැටීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මෝටර් රථය ඉවතට පැනීමෙන් අනතුරුව රථය ගිනි ගැනීමට ද ලක්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති අතර, මෝටර් රථය ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.