Gossips

අගමැතිට එරෙහි ඒකාබද්ධයේ විශ්වාසභංගය, ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙම විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීම අවසන් වෙමින් පවතින බවයි.
විශ්වාසභංග යෝජනාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ පක්ෂව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීමද ඉදිරියේදී අවසන් කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා සඳහන් කළා.