Gossips

පළාත් පාලන ආයතන සභිකයින්ගේ නම් ගැසට් කිරීම ප්‍රමාදවීමට හේතුව

පළාත්පාලන ආයතන සඳහා තේරී පත්වූ සභිකයින්ගේ නාමලේඛනය ගැසට් කිරීමට ප්‍රමාද වූයේ අදාළ පක්ෂ තම නියෝජිතයන් නම් කළ ලැයිස්තු නියමිත දිනට එවීමට කටයුතු නොකිරීම හේතුවෙන් බව මැතිවරණ කොමිසම පවසනවා.
මේ වනවිට එම ගැසට් නිවේදනය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇත්තේ සම්පූර්ණ වූ දිස්ත්‍රික්ක 3 ක පළාත්පාලන ආයතන නියෝජිතයින්ගේ නම් ලැයිස්තු පමණයිග ඇතැම් පක්ෂවල නියෝජිතයන් නම් කිරීමේ ගැටළු පවතින බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළා.