Gossips

ජනපති ඉන්දියාව බලා පිටත්වෙයි

ඉන්දීය සහ ජපාන සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (10) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා.
හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ අද උදෑසන 8.40ට පමණ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. 282 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු ධුත පිරිස නික්ම ගිය බවයි.
අද සහ හෙට ඉන්දියාවේ නිළ සංචාරයේ නිරත වන ජනාධිපතිවරයා, 12 වන දා සිට 17 වන දා දක්වා ජපානයේ සංචාරය කිරීමට නියමිතයි.
මෙම සංචාරවලදී දෙරටට වැදගත් වන ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.