Gossips

අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව, සබරගමුව පළාත්වල මෙන්ම අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම අහස වළාකුළුවලින්බරව පවතින අතර ඇතැම් අවස්ථාවල සුළෙඟ් වේගය ද පැයට කිලෝමීටර් 45ත්, 55ත් දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.