Gossips

අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ බිරිඳ අද අධිකරණයට

බත්තරමුල්ල – කොස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදුකර තිබූ අතර, අදාළ කාන්තාව ගිනි අවියක්ද අතැතිව සිටින අයුරු කිසියම් පුද්ගලයෙකු පටිගත කර තිබුණා.
පසුව සිදුකළ විමර්ශනයේදී එම ගිනි අවිය සමග උණ්ඩ 5 ක්ද සොයාගෙන ඇති අතර, පහරකෑමට ලක්වූ මාර්ග අංක 177 කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගයේ බස් රථ රියදුරා මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පොලීසිය සිදුකළ විමර්ශනයකදී අනාවරණ වී ඇත්තේ අදාළ බස් රථ රියදුරා සහ ජීප් රථය පැදවූ මන්ත්‍රීවරයා අතර මහමගදී ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.