Gossips

සභිකයින්ගේ නම් මුද්‍රණය ඇරඹේ

මෙවර මැතිවරණයේදී පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ නාම ලේඛණය මේ වනවිට මුද්‍රණය කරමින් පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ කියා සිටියා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මුද්‍රණාලයාධිපතිනිය කියා සිටියේ ඊයේ දිනයේදී මැතිවරණ කොමිසම විසින් අදාළ නාම ලේඛන රජයේ මුද්‍රණාලය වෙත ලබාදී ඇති බවයි.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආයතන 340 ක් සඳහා සභිකයින් 8689 ක් තේරී පත් වී සිටිනවා.
පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම මාර්තු 20 වැනිදා දක්වා කල් දැමූ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පසුගියදා ප්‍රකාශ කළා.
මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මීට පෙර පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම මාර්තු මස 6 වන දා සිදුකිරීමටයි නියමිතව තිබුණේ.
කෙසේ වෙතත්, ජයග්‍රහණය කළ කාන්තා නියෝජිතයන්ගේ අවසන් ලේඛනය සැකසීම ප්‍රමාදවීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් එය මෙලෙස කල් දමනු ලැබුවා.