සමාජ ජාලා තහනම හෙට සිට ඉවතට
ආරක්ෂක පියවරක් ලෙස සමාජ ජාලා සඳහා පනවා තිබු තහනම හෙට (10) සිට ඉවත් කරන බව ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය. පැය 72ක කාලයක් සඳහා පමණක් අත්හිටුවා තිබු මෙම තහනම හෙට දිනයෙන් අවසන් කෙරෙන බව හෙතෙම කීවේය
ඒ අනුව මුහුණ පොත,වයිබර්,වට්ස්ඇප්,සහ සමාජ ජාලා වෙබ් අඩවි හෙට සිට නැවත ක්රියාත්මක කිරිමට නියමිතය.