Politics Sri Lanka

සමාජ ජාල ඔස්සේ ජාතිවාදය පැතිරවු සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට.

සමාජ ජාල ඔස්සේ ජාතිවාදය පැතිරවු සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට.

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඔවුන් වයස අවුරුදු 17 සහ 18 වයසේ පසුවෙන්නන් බව පොලිසිය කියයි.

මේ අතුරෙන් එක් සිසුවෙකු හෝමාගම පදිංචිකරුවකු බව ද, එක් සිසුවකු කොල්ලුපිටියේ පදිංචිකරුවකු බව ද පොලිසිය පවසයි. මේ අකාරයට අසත්‍ය ප්‍රචාර සහ වෛරී සහගත ප්‍රකාශ පතුරුවන්නන් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුනසේකර මහතා පැවසීය.

හෝමාගම පදිංචි සිංහල සිසුවා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පාසල් සිසුවෙකු වන අතර ඔහු සිංහලේ ජාතික සංවිධානයේ සාමාජිකයෙකු බවත් ඔහුගේ පියා දිවයින පුවත්පතේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුදවේ. කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන ඇති මොමහදු තුවාන් මිහ්ලාර් නමැති මුස්ලිම් තරුණයා 19 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වන්නේ.

ඉදිරි දින කිහිපය තුළදී තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඒ අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද සිටින බවයි වාර්තා වන්නේ. ජාතිවාදී ගැටුම්වලට සම්බන්ධ සිංහල සහ මුස්ලිම් අන්තාවදීන් රැසක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ අනුව ප්‍රචණ්ඩත්වය පතුරුවන, ගැටුම් අවුළුවන පුද්ගලයන් පමණක් නොව සයිබර් අවකාශය හරහා විවිධ සාමාජ ජාලා මාධ්‍ය හරහා ජාතිවාදී අදහස් පතුරුවන පුද්ගලයන් ද අත්අඩංගුවට පත්වීමට නියමිතය.