Gossips

රන් බිස්කට් තොගයක් සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ රන් බිස්කට් තොගයක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ළඟ තිබූ රන් බිස්කට් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 20ක් පමණ වන බවටයි සඳහන් වන්නේ.
එම රන් බිස්කට් තොගය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට මුහුදු මගින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස තමිල්නාඩුව ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.