Gossips

ලොව ම මවිත කරමින් කුඩා දැරියකගේ දෙනෙතින් පිටතට ගත් දේ

කුඩා දැරියකගේ ඇස්වලින් කෘමීන් 60 දෙනෙකු ඉවතට ගැනීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
අදාල පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ Belthangady ප්‍රදේශයේ Nellingeri ගම්මානයෙන්.
මෙම අසාමාන්‍ය අත්දැකීමට මුහුණ දී ඇත්තේ 11 හැවිරිදි පාසල් දැරියක්.
පසුගිය දිනක ඇය සිය දෙමව්පියන්ට පවසා ඇත්තේ තම ඇසෙහි යමක් ඇති බවයි.
ඒ අනුව දැරියගේ දෙමව්පියන් විසින් ඇයගේ ඇස පරීක්ෂාකර බැලීමේදී දැක ඇත්තේ ඇස තුළ කෘමීන් රැඳී සිටින බවයි.
එම අවස්ථාවේ දෙමව්පියන් විසින් කඩිනමින් දැරිය රෝහලකට රැගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
පසුව වෛද්‍යවරුන් විසින් ඇයගේ ඇස තුල තිබී මියගිය කුඹීන් 60 ක් පමණ ඉවත්කර තිබෙනවා.
එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ දැරිය නිදා සිටි අවස්තාවක කෘමීන් ඇයගේ කණ හරහා මෙලෙස ඇසට පැමිණෙන්නට ඇති බවයි.
පරීක්ෂා කිරීම් වලින් අනතුරුව දැරියගේ ඇස්වලට දැමීම සඳහා වෛද්‍යවරුන් විසින් දියර ඖෂධ ලබා දී තිබෙනවා.
ඒ අනුව දැරිය විසින් එම දියර ඇසට දැමීමෙන් අනතුරුව මේ වනවිටත් දිනකට කෘමීන් 5 ක් හෝ 6 ක් ඉවතට පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
සංවේදී දර්ශන සහිතයි