Gossips

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ටී 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට

රත්නපුර කලවාන නගරයේදී ටී.56 ගිනි අවියක් සමග අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු සහ ඔහුට නවාතැන් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පසුගිය ඔක්තෝබර් මාසයේදී ගම්පහ නගරයේ ටී.56 ගිනි අවි 03 ක් උණ්ඩ 168 ක් සහ පතොරම් ගැබ් 07 ක් මෝටර් රථයක දමා පලා යාම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණයකට අනුවයි.
ගිනි අවිය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාතාල කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීවගේ ගෝලයකු වන 37 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පසුගිය වසරේ ජුනි මාසයේ මට්ටක්කුලිිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි ලබා ඝාතනය කිරිම සහ ගම්පහදී පුද්ගලයෙකු ඝාතනය කිරිමට තැත් කිරිම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
පැය 48ක රැදවුම් නියෝග යටතේ සැකකරුගෙන් ප්‍රශ්න කරන බවයි පොලීසිය සදහන් කළේ.