Politics Sri Lanka

මහනුවර සැකකරුවන් දින 14ක රැඳවුම් නියෝග යටතේ කොළඹට.

මහනුවර සැකකරුවන් දින 14ක රැඳවුම් නියෝග යටතේ කොළඹට.

මහනුවර කළහකාරී සිද්ධීන් සම්බන්දයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දස දෙනා දින 14ක් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෝ 10 දෙනා ඊයේ(08) රාත්‍රී කොළඹට රැගෙන එනු ලැබූහ. දින 14ක් ඔවුන් කොළඹ රඳවා ගෙන ප්‍රශ්න කරන බවත්, ඔවුන්ගෙන් ලැබෙන තොරතුරු අනුව සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය කියයි.

හදිසි අවස්ථා රෙගුලාසි බලාත්මක කර ඇති නිසා ඒ යටතේ ඇති බලතල අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරා මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.