Politics Sri Lanka

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා වෙඩි වැදී රෝහලේ

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා වෙඩි වැදී රෝහලේ

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයයි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ආරංචි මාර්ග වලට අනුව මන්ත්‍රිවරයාගේ දකුණු කකුලේ දණහිස අසලට වෙඩි වැදි ඇති බවත් රෝගියාගේ තත්වය බරපතල නොවන බවත්ය.

රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි. කල්දේමුල්ල සිට ගොළුමඩම හංදිය දක්වා ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදු කර පලා ගොස් අතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඊයේ රාත්‍රී 8.50ට පමණ සිදුවූ එම වෙඩි තැබීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.