Politics Sri Lanka

කොටහේනේ වෙඩි තැබීමක් – තිදෙනෙක් රෝහලේ

කොටහේනේ වෙඩි තැබීමක් – තිදෙනෙක් රෝහලේ

කොළඹ කොටහේන, හෙට්ටියාවත්ත, සුමිත්‍රාරාම මාවතේදී අද (08) පස්වරු 7.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ තිදෙනා නිවසක් අසල කතා බහ කරමින් සිටියදී පැමිණි පිරිසක් T – 56 ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

හෙට්ටියාවත්ත, සුමිත්‍රාරාම පාරේ බිලිං වත්ත ප්‍රදේශයේදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචි පළතුරු ව්‍යාපාරිකයන් තිදෙනෙකු බවද පොලිසිය පවසනවා. 29, 34 සහ 61 වන වයස්වල පසුවන සමන්ත ප්‍රදීප්, මිලාන් මධුසංඛ සහ ජයරත්න නම් මේ තිදෙනා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.