Gossips

මහනුවරට අද පස්වරු 6 සිට යළිත් ඇදිරි නීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද පස්වරු 6 සිට හෙට උදෑසන 6 දක්වා යළිත් ඇදිරි නීතිය පනවා තිබෙනවා.
පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ තවදුරටත් ප්‍රදේශයේ සාමකාමී තත්ත්වය පවත්වාගෙන යාමේ අරමුණින් මෙලෙස ඇදිරි නීතිය පැනවූ බවයි.
මේ අතර, සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් 10 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාවේ සංචාරය කරන විදේශිකයන්ට සිය විදේශ ගමන් බලපත්‍රය ඇඳිරි නීති කාලය තුල බලපත්‍රයක් ලෙසට භාවිත කළ හැකි බව ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සඳහන් කළා.