Politics Sri Lanka

මහනුවර ගැටුමේ ප්‍රධාන සැකකරු සමග 10 ක් අත්අඩංගුවට

මහනුවර ගැටුමේ ප්‍රධාන සැකකරු සමග 10 ක් අත්අඩංගුවට මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර පසුගිය 4 වන දා සිට අද දින උදෑසන 6.00 දක්වා කාලය තුළ ගැටුම්වලට සම්බන්ධ පුද්ලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.මෙම ක්‍රියාවන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරු විදාන පතිරණගේ අජිත් ජීවන් වීරසිංහ බවත් අනිත් ප්‍රධාන සැකකරු සුරේද සුරවිර බවත් අත්අඩංගුවට ගත්තවුන් අතර මේ දෙදෙනාද සිටින බවද වාර්තාවේ.මෙම සැකකරුවන් දිගන හා පූජාපිටිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් අට දෙනකුම මහනුවර දිස්ත්‍රික්කයෙන් පිට පදිංචිකරුවන් බව පොලිසිය කියයි. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙය සැලසුම් කළ ආකාරය ගැන අනාවරණය වෙමින් පවතින බවත්, එම තොරතුරු අනුව මීට සම්බන්ධ සෙසු සියලු සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බව පොලිසිය සඳහන් කරයි.මහනුවර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට සහ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීහ.ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් ඒ අනුව එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මහනුවරට පරීක්ෂණ ආරම්භ කළ බවත් එම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් දස දෙනා අත්අඩංගුවට ගත් බවත් ගුණසේකර මහතා පවසයි.