Gossips

උපාධි හැදෑරීමට රාජ්‍ය බැංකු හරහා ණය මුදල් ඉල්ලූම් කිරීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

රජයේ විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් නොලැබූ උසස් පෙළ සිසුන්ට උපාධි අධ්‍යාපනය සඳහා ණය මුදල් ඉල්ලූම් කිරීමට ලබාදුන් කාලය සතියකින් දීර්ඝ කර තිබෙනවා.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විෂය භාර අමාත්‍යවරයාගේ ඉල්ලීමක් මත රාජ්‍ය බැංකු මගින් ලබාදෙන උපාධි හැදෑරීමේ ණය මුදල සඳහා ඉල්ලූම් කිරීමේ කාලසීමාව මෙලෙස දීර්ඝ කළ බවයි.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හඳුනාගත් ආයතන 8 ක පාඨමාලා 38 ක් හැදෑරීම සඳහා මෙම ණය පහසුකම පිරිනමන අතර, වසර 4 ක කාලසීමාවක් සඳහා උපරිම රුපියල් ලක්ෂ 8 ක් දක්වා පොලී රහිතව මෙම ණය මුදල ලබාදෙනු ඇති.