මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අද (08) පස්වරු 4 දක්වා පනවා තිබූ ඇඳිරි නීතිය උදෑසන 10 සිට ඉවත්කිරීමට පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා.
මේ අතර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා තවදුරටත් ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම පොලිස් නිලධාරීන්ද යොදවා තිබෙනවා.
උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකරන කණ්ඩායම් ක්ෂණිකව මැඩපැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා සහය සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය තුළ පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි මෙම සහය සේවා මධ්‍යස්ථානය ක්‍රියාත්මක බවයි.
ඒ අනුව 0711 261 261 අංකයට අමතා මේ පිළිබඳව දැනුම්දිය හැකියි.
එමෙන්ම මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලු රජයේ පාසල් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (07) තීරණය කළා.