Gossips

පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 100ක විදුලිය මිලදී ගැනීමට අනුමැතිය

රට තුළ අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම සඳහා මෙගාවොට් 100ක අතිරික්ත විදුලි ධාරිතාවක් ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොමැතිවීම හේතුවෙන් ඉදිරි මාස 06 තුළ ජලාශවල ජල මට්ටම අඩුවීමක් සිදුවිය හැකි බැවින් මෙලෙස පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමටයි නියමිතව ඇත්තේ.
ඒ අනුව එක් පෞද්ගලික සමාගමකින් මෙගාවොට් 56ක් සහ තවත් සමාගමකින් මෙගාවොට් 44ක විදුලි ධාරිතාවක් ලබා ගැනීමටයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.