Politics Sri Lanka

මහනුවර ඇඳිරි නීතිය ඉවතට

මහනුවර ඇඳිරි නීතිය ඉවතට

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අද (08) පස්වරු 4 දක්වා පනවා තිබූ ඇඳිරි නීතිය උදෑසන 10 සිට ඉවත්කිරීමට පොලිස්පතිවරයා තීරණය කරනු ලැබුවා. මේ අතර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා තවදුරටත් ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම පොලිස් නිලධාරීන්ද යොදවා තිබෙනවා.
සාමාන්‍ය ජනතාවට ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට පහසුකම් සැපයීම සඳහා අවකාශය ලබා දෙනු පිණිස මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ දැනට ක‍්‍රියාත්මක වන ඇඳිරි නීතිය ලිහිල් කර ඇත. ඒ අනුව පෙරවරු 10ට ඉවත් කිරීමටත් එදිනම පස්වරු 6ට නැවත පැනවීමටත් ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇති බව ද නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.