Gossips

මුල් ඉඩම් බලන්න ඇවිත් මැරුම් කෑ පුද්ගලයා (ඡායාරූප)

කිලිනොච්චිය, කනකපුරම්, සෙල්වානගර් ප්‍රදේශයේදී සිදුවූ පහර දීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ඊයේ (07) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
කිලිනොච්චිය පොලිසිය පැවසූවේ පහරකෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇමරිකානු පුරවැසිභාවය හිමි 71 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා මෙරට පවතින මුල් පදිංචි ඉඩම් පරීක්ෂා කිරීමට ඇමරිකාවේ සිට පසුගියදා පැමිණ ඇති අතර එහිදි පසුගිය 06 වනදා රාත්‍රියේදී පුද්ගලයෙකු පැමිණ අදාළ පුද්ගලයාට මුහුණට මිරිස් කුඩු ගසා පහරදීම සිදුකර තිබෙනවා.
තුවාල ලැබු පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ඊයේ (07) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පහරදීම සිදුකළ අය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බව පොලිසිය පවසනවා.

ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය