Gossips

අතුරුදන්වීමේ පනත වැඩි ඡන්දයෙන් සම්මතයි

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත සංශෝධන රහිතව වැඩි ඡන්දයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 53 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 16 ක් පමණයි.
ඡන්ද විමසීමට පෙර උණුසුම් තත්ත්වයක් හටගත් අතර, ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කර සිටියේ විෂයභාර අමාත්‍ය තිලක් මාරපන විසින් ඉදිරිපත් කළ සංශෝධනය තමන් වෙත ලැබී නොමැති බවයි.
කෙසේ වෙතත් හටගත් උණුසුම් තත්ත්වයත් සමග අදාළ සංශෝධනය ඉල්ලා අස් කරගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුව සභාවට දැනුම් දුන්නා.