වසර 4 කට පසු ප්රථම වරට චීන නාවික හමුදාවේ ප්රහාරක බලකායක් මාලදිවයිනට පැමිණ තිබෙනවා.
එය චීන හිතවාදී මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පාලනයේ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ පියවරක් ලෙසයි රොයිටර් විචාරකයා හැඳින්වූයේ.
විශේෂයෙන් එරට පැනනැගී ඇති දේශපාලන අර්බුදය හමුවේ ඉන්දීය හමුදා ආක්රමණයක් වැළැක්වීම චීනයේ අරමුණ වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මීට දශක 3 කට පෙර මාලදිවයිනේ ක්රියාත්මක වූ සන්නද්ධ කුමන්ත්රණයක් වැළැක්වීමට ඉන්දීය හමුදා පියවර ගත්තා.