Gossips

ජපානයේ ගිනි කන්දක් පුපුරයි

දකුණුදිග ජපානයේ ෂින්මොඩකෙ ගිනි කන්ද අද නැවතත් සක්‍රිය වී පිපිරීමට ලක්වී ඇති අතර, අඩි 7500 ක් පමණ ඉහළ අහසට ගිනි කඳු දුමාරය පැතිරී ඇති බව වාර්තාවනවා.
එම ගිනි කන්ද 2011 වසරෙන් පසු සක්‍රිය වී ඇත්තේ ප්‍රථම වතාවටයි.
දකුණු දිග කියුෂු දිවයිනේ පිහිටි මෙම ගිනි කන්ද සක්‍රියවීම හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඩාල වී ඇති බව වාර්තාවනවා.
මෙය චීනයේ පවතින 110 ක් පමණ වන ගිනි කඳු අතරින් වඩාත් සක්‍රිය ගිනි කන්දක් ලෙසයි සැළකෙන්නේ.